සංස්කෘතික සරණාගතයෙක්මි

  කන්ද උඩරට නාගරිකත් නොවන, ගැමිත් නොවන පරිසරයක ඉපිද විසි අවුරුද්දක් එහිම වාසය කර, ගෙන්දගන් පොළොවට පය ගසා අවුරුද්දක් ගෙවුණු තැන ලියමි. ගසක් පොළොවට මුල් අදන්නාක් මෙන්, මිනිස්සු ද තමන් ජාතක වුණු පොළොවට මුල් අදී. එහෙත් ඒ මුල් දුවන්නේ පස් තුළට නොව, තමන් අවට සිටින අනික් මිනිසුන් තුළටමය. තමන්ගේ නෑදෑ හිත මිතුරන් සමග ගැටෙන විට ඒ මුල් තව තවත් ඔවුන් තුළට කිඳාබසී. එසේ විසි වසක් ඇදි මුල්, ගලවාගෙන ගොස් මම ගෙන්දගම් පොළොවට ගඩො බටුයෙමි. එහිත් මිනිසුන් සිටියද, හිතුම් පැතුම්, ගති පැවතුම් සහ තවත් බොහෝ දෑ වෙනස් ය. වෙනස් යනු නරකයි නොවේ. හොඳ නරක දෙකමය. යම් අතකින් හොඳ වන විටන් වෙනත් … Continue reading සංස්කෘතික සරණාගතයෙක්මි

ජීවන මග

දුම්බර කඳුවැටියෙ උතුරු කොන හොයාගෙන රත්තොට ඉඳං ඉලුක්කුඹුර පාරෙ අපි කන්ද නගිනවා… වැඩි නඩත්තුවකට ලක් නොවිච්ච, බෝම අමාරුවෙන් වාහන දෙකක් මාරු වෙන්ඩ විතරක් ඉඩ තියෙන තාර පාරෙ වංගු වංගු යන අතරෙ එක පාරට වංගුවක් ගත්ත ගමන් පාර මැද වයසක මනුස්සයෙක් සරමත් උස්සං හිමිං හිමිං කන්ද දිහාට යනවා. වැඩි වේගෙන් නොගිය නිසා අනතුරක් නොවී බේරගෙන අපි ඔහු පහු කරං අපි ඉස්සරහට යනවා… ටික දුරක් ගිහිං පාර අයිනෙ කඩයක වාහනේ නතර කරලා තේ බීල එළියට බහිද්දි මේ වයස මනුස්සයා පේනමානෙට ඇවිත් ආයෙ. තේ බොන අතරතුරේ අා ගිය කතාබහ නිසා හිතවත් වුණු මුදලාලි ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වෙලා විස්තරයක් කිව්වා. “ඔය ඉස්සර මේ පාරෙ බස් … Continue reading ජීවන මග

මතක මාවත

ක්‍රීම් පාටට හුරු සුදු පාටක් තියෙන ඔසරිය ඇඳපු ආච්චියම්මා තනි දොර ටකරං ලංගම බස් එකේ පාපුවරවුට කෙලිංම පිටිපස්සෙ ආසනේ වාඩි වෙලා ඉන්නවා. එයාගෙ ඔඩොක්කුවට බර දීල මං පාපුවරුවට උඩිං හරහට තියෙන මළ නොකන වානේ බටේ එල්ලිලා ඉන්නවා. වංගු වංගු පාරෙ උඩට උඩට යද්දි හුන්නස්ගිරිය එබිල බලනවා සමහර වෙලාවට…. මෙහෙම ඇවිත් කඩමණ්ඩියක් එක්ක තියෙන හන්දියක අපි බහිනවා. මගෙ එක අතක නැමි මිට තියෙන පොඩි කුඩයක්. අනික් අතින් ආච්චියම්මගෙ අතේ එල්ලිලා. අපිව හලපු බසය ආයෙත් දුම් දාගෙන කන්ද නගිනවා. කඩමණ්ඩියෙ කඩ තුන හතරක් තියෙනවා. එකක් බේකරිය. ඒකෙ වැලිතලපෙයි, රෝස් පානුයි නොවරදවාම අපි එක්ක ගෙදර යනවා. මහ පාරෙං ඇතුලට තියෙන තාර පාරෙ ටික … Continue reading මතක මාවත

ජෛව විවිධත්වය

මා දකිනාකාරයට ලාංකික මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ ජීවිතයේ නිදහස්ම, ජවය වැඩිම කාල පරාසය වන්නේ උසස් පෙළ අහවර කර සරණ බන්ධනයට සිරවන තෙක් කාල පරාසය ය. මමත්, මගෙ මිත්‍ර ප්‍රජාවත් එම කාල පරාසය ගත කරන නිසාදෝ මහුණු පොතට පිවිසෙන මට වැඩිපුරම දකින්නට ලැබෙන පින්තූර කාණ්ඩයක් නම්, මිතුරු පිරිස් සංචාරයේ ගොස් පැමිණ පළ කරන පින්තූර ය. ඒ අතරින් බොහෝමයක් ‘සෙල්ෆි’ වන අතර සුළුතරයක් ඒ ඒ සංචාරිත ස්ථාන හා එහි තිබුණු වි⁣ශේෂ ⁣දෑත්, ස්වාභාවික පරිසරයත් වේ. මෙහි ස්වභාවික පරිසරය කාණ්ඩය යටතේ වැඩිපුරම හමුවන්නෙ සරලවම ඇසට ප්‍රිය නිසා කැමරාවේ සටහන් කරගත් දර්ෂණත්, අලි කොටි වලසුන් වැනි දුටු පමණින් සිතට වදින සත්ව වර්ගත් ය. ඒ නිරීක්ෂණ … Continue reading ජෛව විවිධත්වය

– අන්තර්(ජං)ජාලය හරහා ඇතිවන සමාජ(ජං)ජාල –

ෆේස්බුක්, ට්විටර්, ඉනසටග්‍රම්, ටම්බ්ලර්, පින්ටරස්ට්හෝ වෙනත් සමාජ ජාලයක ගිණුමක් නැති අයෙක් අද සමාජයෙන් සොයාගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයාගන්නවා හා සමාන දෙයකි. එසේ සෑම අයෙකුටම පාහේ ගිණුම් තිබුණ ද ඒ ඒ සමාජ ජාලය නිර්මිතව ඇත්තේ කුමක් අරභයා ද එම සමාජ ජාලය භාවිත කළ යුත්තෙ කෙලෙස ද ආදී කරුණු පිළිබඳව අදාල පරිශීලකයන්ගෙ දැනුම මට්ටමෙහි ගැටළුකාරී බවක් ඇති බව එම සමාජ ජාල තුළ කලින් කලට සිදුවන සිද්ධි හරහා පෙනී යයි. නමුත් මෙය ජංජාලයක් තරමට ඔඩුදුවන්නේ පරිශීලකයන්ගේ දැනුම ම නොව, බුද්ධි මට්ම්වල හා විනය මට්ටම්වල වෙනස නිසා බව පිළිගතහැකි කරුණකැයි සිතෙයි. මෑත ඉතිහාසයේ සමාජ ජාල තුළ ලාංකික ජන මතය දෝලනය වූ මැතිවරණ, SAITM … Continue reading – අන්තර්(ජං)ජාලය හරහා ඇතිවන සමාජ(ජං)ජාල –

– බස මැරීම –

සිංහලය යනු, ශ්‍රී ලාංකික දේශීය භාෂා මූලයන් ඉන්දීය භාෂා කිහිපයකින් පෝෂණය වී නිර්මාණය වුණු අලංකාර භාෂාවක් බව සිංහල මව් බස වන මාගේ විශ්වාසය යි. නොමළ බසක් නිසාත්, බහුතරය බෞද්ධයන් විසින් වහරණ නිසාත් සිංහලය එලෙස පෝෂණය වන්නට ඇතැයි මට සිතෙයි. එනිසාම ඉදිරියටත් අලුත් වචන, වාක්‍යය රටා, භාෂා වියරණ ආදී අංග එකතුව එය කාලානුරූපීව වෙනස්වේ යැයි සිතිය හැකිය. එහෙත් එම වෙනස මගින් තීරණය වන්නේ භාෂාවේ උන්නතිය ද අවනතිය ද යන්න සිංහලය මව් බස ලෙස වහරණ අපගේ යුතුකමක් වේ. ලං.ග.ම ටකරං බසයක කවුළුවකින් එළිය බලාගෙන සිටි මට ඉහත සිතුවිලි පහළ කරවූයේ ‘ඇතැඹුල’ යයි සඳහන් වූ නාම පුවරුවක් දැකීමෙනි. සාක්ෂරතාව කෙතරම්දැයි නොදත් කඩ හිමියා … Continue reading – බස මැරීම –