෴ සොරබොර වැව ෴

නම කිව් පමණින් බුලතා යෝධයා තනියෙන්ම හදපු, බිසෝකොටුවක් වෙනුවට ගලක කපපු සොරොව්වක් තියෙන මහියංගනේ කිට්ටුව තියන වැවක් බව හැම කෙනෙකම පාහේ දන්නව මයෙ හිතේ…

බුලතා යෝධයා තනියෙම ඕක බැඳපු හැටියි, බිසෝ කොටුවක් කියන්නෙ මොකක් ද කියලාවත් නොදැන ගල් සොරොව්වක අගේ වනන ලියමනුයි සෑහෙන්න තියෙන නිසා පොඩ්ඩක් වෙනස් කතාවක් කියන්නයි හදන්නෙ…

ඒ තමා සොරබොර වැව විශේෂ වෙන්නෙ ඇහැට නොපෙනෙන දෙයක් හංදා කියන එක. කනගාටුවට කාරණයක් වෙන්නෙ මේ කියන්න යන කාරනය technically back කරන්න ලංකාවෙ study එකක් හරියට කෙරිලා නැති එක. ඒත් technical field එකේ ඉන්න විද්වතෙක් එක්ක කරපු සාකච්ඡාවකදි මට කිව්ව කරුණක් නිසාත්, ඒ කියපු කතාවෙ හරයක් තියන සහ ඔය ජනප්‍රවාදවල කියන සුරංගනා කතා බිමට බස්සවන්න හැකි නිසාත් කියන්න කියලයි බැලුවෙ.

ඊට අමතරව සමාව අයදිනවා ඒ කියපු විද්වතා කවු ද කියලා මට කියන්න බැරි එකට. මොක ද මේක මගේ අනන්‍යතාව හංගලා තියන ගිණුමක් නිසා.

හරි, දැන් කතාවට බහිමු.

පොළොවෙ පස් තියෙන්නෙ ලේයර් ලේයර් කියලා මම හිතන්නෙ සාමාන්‍යයෙන් කවුරුත් දන්නවා. ඒත් ඒ ලේයර් කියන සංකල්පය හරියට තේරෙන්න නම් පස් කණින ක්ෂේත්‍රයක වැඩ කරලා තියෙන්නොන. ඒ හංදා ඒ වගේ ලේයර්වල විශාලත්වය පෙනෙන පිනතූර ටිකක් මෙතන අමුනන්නම්.

මේ ලේයර් හැදුන හැටි පැත්තකින් තියලා ගුණ දිහා බැලුවොත් මේ ලේයර් හැදිලා තියන පස්/ගල් වර්ග වෙනස්. ඒ කියන්නෙ ඒ ඒ ලේයර්වල හැසිරීම වෙනස්. මේ හැසිරීම් අතරින් අපිට විශේෂ වෙන්නෙ ජල පාරගම්‍යතාව (hydraulic permeability) කියන එක.

සරලව කිව්වොත් ඒ ලේයර් එක හරහා වතුරට යන්න පුළුවන් ද බැරිද කියන එක. බොහොම පුළුල්ව කරලා තියන මේ සම්බන්ධ අධ්‍යයන හංදා මේ වෙනකොට බටහිර විද්‍යාවට අනුව පස් වර්ග පරීක්ෂා කරලා ඒවා හරහා වතුර යනවා ද යනවා නම් ඒ කොච්චර ප්‍රමාණයක් ද ඒ ප්‍රමාණය යන්න කොච්චර වෙලා යනවා ද ආදී දේවල් නීර්ණය කරන්න පුළුවන්. ඒ අධ්‍යයන වල සරල සමරියක් පහළ අමුනලා තියනවා.

ECPft6pX4AErroF

ඒකත් හරි, දැන් එතකොට පොළොවෙ මතුපිට නම් මේ ගුණාංග නීර්ණය කරන්න පුළුවන් ලේසියෙන්. ඒත් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙදි මතුපිට විතරක් මදි… අඩි පනහ සීය දෙසීය පොළොව යට තියෙන්නෙ මොනව ද කියන එකත් බලනවා. ඒකට කරන්න ලේසිම ක්‍රමය බෝර් හෝල් එකක් ගහන එක. ඒ කියන්නෙ පොළොව විදලා සාම්පල් ගන්නවා.

ඒ සම්බන්ධ උපකරණ සහ ගන්න දත්ත ටිකක් පහළ අමුණනවා. ඒවා නොතේරුණත්, පොළොවෙන් සාම්පල් ගන්න වැඩේ කියන තරම් සරල නැති බව හිතට ගත්තා නම් හරි…

ඒ විදිහට සාම්පල් ගත්තත් තව කොස්සක් තියනවා. මේවාගෙන් එන්නෙ එක තැනක සාම්පල් විතරයි. ඒත් වැවක් වගේ ලොකු වැඩක දි ඒ පැත්තම නියෝජනය වෙන විදිහට සාම්පල් ගන්න වෙනවා. ඒ අරගෙන Geological model එකක් හදාගන්න වෙනවා. අන්න ඒ ගත්තහම තමයි Geography එක දිහා බලලා උපකල්පනය කරපු වැව් බැම්ම කොතන ද හරියටම හදන්න ඕන, සොරොව්ව කොහෙ ද හදන්නෙ, පිට වාන දාන තැන ෆවුන්ඩේෂන් දාන්න පුළුවන් ද කියන එක එහෙම තීරණය කරන්න පුළුවන්නෙ.

ECPfxcnXsAItxUd

ඒත අද අපේ කතා මාතෘකාව වෙච්ච සොරබොරේ එතනින් එහා ගිය කතාවක් තියනවා… ඒ තමා වැවේ වතුර පිරිලා තියන ඉසව්වෙ පොළොව යට impermeable layer එකක් තියනවා කියන එක. ඒ කියන්නෙ මේ වැවට වතුර පිරෙව්වා කියන්නෙ හරියට බේසමකට වතුර පිරෙව්වා වගේ වැඩක්.

ඔන්න දැන් පුළුවන් වාව් කියන්න.

මොක ද මෙහෙම තැන් ලංකාවෙම එකයි තාම දන්නෙ. ඒ මේක. එතැන හොයාගන්නෙ මීට අවුරුදු දාස් ගාණකට කලින් මනුස්සයෙක්. හොයාගන්න විදිහ කොච්චර සංකීර්ණ ද කියලා කලින් කිව්වා නෙව. ඒ හොයාගෙන හදනවා ඒ වෙනකොට රටේ තිබ්බ පොදු බිසොකොටු සම්ප්‍රදායෙන් එළියට ගිහින් පිහිටි ගලේ සොරොව්වක්.

ඒ කියන්නෙ බුලතා කියන්නෙ මිනිස්සු විස්සකගෙ ඇඟේ හයිය තිබ්බ, උදැල්ලයි, පස් කූඩෙයි, ගල් කටුවයි, මිටියයි විතරක් පාවිච්චි කරලා කඳු දෙකක් මැද්දෙන් ගලන දොළක් දැකලා ඒක හරස් කරලා බැම්මක් බැන්ද ඇඟ මාමා කෙනෙක් ද නැත්තං මිනිස්සු විස්සකගෙ මොළයක් තිබ්බ, පස් වර්ග ගැන, ඒවා ගැන අධ්‍යනය කරලා තීරණයක් ගන්න දැනුම තිබ්බ, බිසෝකොටුවක වතුර යන විදිහ ගැන හයිඩ්‍රොලික් එන්ජිනියරිං දැනුම සහ ඒ වෙනුවට පිහිටි ගලේ සොරෙවාවක් ඩිසයින් කරන්න, ඩිසයින් කරපු එක හදන්න තරම් හැකියාවක් තිබ්බ ප්‍රාඥයෙක් ද කියලා තීරණය කරන එක ඔබට භාරයි.

ECPfkBmW4AAZm41

ඒ වගේම මේ වගේ තාක්ෂණයක් හදිසියෙ පහළ වෙන්නෙ නැති බවත්, පරම්පරා ගණනක් ඔස්සේ වැඩි දියුණුවෙමින් එන්න ඕන කියන එකත් මතක් කරමි.

– නිමි –

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s