෴ රෝදය ආ මග ෴

මේ දවස්වල ප්‍රාග් ඉතිහාසය ගැන ටිකක් කියවන්න යෙදුණු හංදා පොඩි කතන්දරයක් මතක් වුණා. මුල්ම කාලෙ මිනිස්සුන්ට දෙයක් එහෙට්ට මෙහෙට්ට කරන්න ඕන වුණොත් ලේසිම විදිය වුණේ තල්ලු කරගෙන හරි ඇදගෙන හරි යන එක. ඒක ඉතිං දැන් වුණත් අපේ පළවෙනි ඔප්ෂන් එකනෙ.

ඒ වුණාට පොළොවෙ සොබාව අනුව, තල්ලු කරන දෙයි තරම/බර අනුව ඕක කරන්න බැරි අවස්ථා බෝමයි නෙව. ආන්න එතකොට අපිට කරන්න ලේසිම දෙයි පෙරළං යන එක. කපලා බිම දාපු ගස් කඳක් වගේ නං අතු ටික පාහලා දැම්මම පහසුවෙන් රෝල් කරගන්නැහැකි වුණාට ගල් ගෙඩියක් වගේ දෙයක් රෝල් කරගන්න එක එහෙම ලේසි නෑ නෙව.

ඒ ඇයි කියන එක පහදන්න නම් බල යුග්මයක ක්‍රියාකාරීතවය ගැන කියන්න වෙනවා. හුදී පාඨක ජනයාට නීරස නොවීම පිණිස ඒ පැත්ත අතෑරලා ගියොත් අපිට ඊළඟ පියවර හැටියට මේ ගල් ගෙඩිය කොහොමිං කොහොමිං හරි රවුං ලී කොටං ටිකක් උඩට පටෝගත්තා නම් රෝල් කරං එන්න තිබ්බා කියලා තේරෙනවා මයෙ හිතේ…

ECgKNK6VUAA2CF2

අන්තිම කොටේ මුලට දාලා රෝල් කරං එන්නැහැක් වුණාට වැඩේ වාතයි… එ් හංදා වෙන්ඩැති ඒ කාලෙත්, අද කාලෙත් මහ බරවල් වතුරෙන් අරං යන්න මිනිස්සු කැමැති… ආයෙ රෝදෙට ආවොත්, මේ වාත වැඩේ මගෑරලා, අපෙ තල්ලු කරං යන වස්තුවත් එක්ක රෝලර් එකත් එන මෙතඩ් එකක් නැතුව මානව සිස්ටාචාරෙ සෑහෙන කාලයක් ටැග්ගැහිලා උන්නා මයෙ දැනුම ප්‍රමාණෙ හැටියට.

ඔතන⁣ රෝලරේ රවුමක්ම මිස තරුවක් වගේ අවතල හැඩයක් (concave shape: google it) නොවෙන්නෙ සරලවම එව්වැයි අඬු බඬු ස්ථානීය ආතති (local stresses) හංදා කැඩිලා නොයන්න ය කියලා තේරෙනවා මයෙ හිතේ…

ECgKOxEUcAABLLw

අනික් අතට රවුම ඇර වෙනත් උත්තල හැඩයක් (convex shape) හරියන්නෙ නැත්තෙ වෘත්තයෙ භ්‍රමණ කේන්ද්‍රය රේඛීයව යද්දි අරවගේ හැඩයක භ්‍රමණ කෙන්ද්‍රයේ චක්‍රාභ (cycloidal) හැඩය වගේ මොංගලීකෘත පථයක යන හංදා බව ඔය වැල් බයිලා නොදත්තත් ප්‍රාග් මානවයාට දැනුනා වගේම අපෙ ඇඟටත් දැනෙනවා මයෙ හිතේ…

ECgKPOlU0AIDpyh

ඔය ටික තේරෙන්නැත්තං ශේප් එකේ දැක්කෙ නෑ වගේ ඊළඟ පරිච්ඡේදයට යං මං කියන්නෙ…

මේ වෙනකොට ඕන සිඟිති මොළයකට තේරෙන්න ඕන රෝදය හොයාගත්තා ය කියන එකේ වැඩ කෑල්ල තියෙන්නෙ ඔය දැන් රෝදෙ කිව්වම ඔළුවට එන රවුම් හැඩය හොයාගත්ත එකේ නොවන වග. එහෙනම් මොන මංගල්ලයෙ ද රෝදයේ විස්මය තියෙන්නේ..?

ඇක්සල් එකේ… අන්න ඒක තමා මානවයා පැනපු යෝධ පිම්ම…

අර රෝලර් එක කියන එක අපිත් එක්කම ඉස්සරහට ගෙන්න ගන්න හදපු ගැජට් එක ඇක්සල් එක. මුල්ම ඇක්සල් එක මොනවයි කවුරු කොයි කාලෙ හැදුව ද කියන්න මට නිච්චියක් නෑ අවංකෙන්ම. ඒත් මුල් ඇක්සලේ නිදහස් ඇක්සලයක් වෙන්න ඕන. ඒ කියන්නෙ රෝලරය රෝදයක් කරලා, නිදහසෙ කැරකෙන්න හදපු ගැජමැටික් එකක්.

එතකොට මිනිස්සු හෝ සත්තු විසින් ඇදපු මේ රෝද සහිත කරත්තයක් (කරත්තෙ කිව්වම බර බාගයක් මවාගන්න එපා හොඳේ…) වගේ වාහනේ අර කාටුන්වල වගේ ටොන් ගානක බර තියන ගල් ගෙඩි රෝද තියෙන්න බෑ, ලී රෝද වෙන්න ඕන කියන එකත් කියන්න තරම් දෙයක් නෙමෙයි ඇත්තටම.

⁣ඇක්සලය ගැන නම් පොඩ්ඩක් කතා කරන්න ඕන.

පහළ අමුණනවා ලිස්සීමකින් තොරව කැරකෙන රෝදයක් මත බල සටහනක්. ඔය Mg කියන බලය තමා ඇක්සලය හරහා රෝදයට සම්ප්‍රේෂණය වෙන කරත්තයෙ බර. N කියන්නෙ ඒක බැලන්ස් කරන්න පොළොවෙන් දෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඔය දෙක ලී කොටං රෝලරයෙත් තිබ්බා. fs කියන්නෙ පොළොවෙන් රෝදය මත යෙදෙන ඝර්ෂණ බලය.

F කියන්නෙ ඇක්සලය මගින් රෝදය මත යොදන ධාවක බලය. රෝලරයෙ තිබ්බෙ නැත්තෙ ඔන්න ඔය F. තිබ්බෙ fs විතරක් (කිව්වට තව පොඩි සීන් එකක් තියනවා අපිට දැනට අතෑරලා දාන්න පුළුවන්) හංදා තමා කොටේ කරත්තෙට සාපේක්ෂව පස්සට ගියෙ…

ECgKQM3UwAAMbnt

දැන් අර ඇක්සලයෙන් හම්බවෙන අලුත් F හංදා සහ අර උඩ කිව්ව පොඩි සීන් එක නැති හංදා රෝදයත් එනවා කරත්තෙ එක්ක ඉස්සරහට්ට…

සෝ ගායිස්… ලාවට වාව් පාරක් දාන්න වෙලාව… මානව ඉතිහාසෙ පිම්ම මෙච්චරකල් රෝදෙ හොයාගත්ත එක කියලා හිතන් උන්නට එහෙම ම නෑ…

ඒ වුණාට ඔය රෝදෙ ඔතනින් නවතින්නෙ නෑ… දොඹකර කප්පි, එන්ජින් ඇතුලෙ, ඔරලෝසු ඇතුලෙ දුවන දැති රෝද, හුළං පෙති, ජල රෝද ආදී කී නොකී කැරකෙන රවුම් හැම එකකම මූලික සිද්ධාන්තය මේ ප්‍රාග් මානවයා හොයාගත්ත ඇක්සලය. වෙනස් වුණ එකම දේ මානවයා දියුණු වෙන්න වෙන්න ඇක්සලයට දරන්න පුළුවන් බර වැඩිවෙනකොට සමගාමීව ඇක්සලය සහ රෝදය අතර ඝර්ෂණය අඩු කරගත්තා සහ එහෙම කරගන්න කරගන්න ඒවාගෙ උපයෝගීතාවල කාර්‍යක්ෂමතාව වැඩි වුණා.

ඉතිං අවසාන වශයෙන්, ඉතිහාසඥයො/සාහිත්‍යය අයියලා රෝදය හොයාගත්ත මානවයා පොරක් කියන්නෙ ඇක්සලය හොයාගත්ත මානවයා පොරක් කියන එකට බව සහ ඔතන රෝදය කියන්නෙ අපිට එකපාරට හිතට එන වාහන රෝදයට එහා ගිය, වෙනත් සංකල්පයක් බව හිතට ගත්තා නං හරෙ.

– නිමි –

(Images are from google and credit goes to the rightful owners.)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s