සංස්කෘතික සරණාගතයෙක්මි

 

alone-at-night-sad-boy-hd-wallpaper-for-pcකන්ද උඩරට නාගරිකත් නොවන, ගැමිත් නොවන පරිසරයක ඉපිද විසි අවුරුද්දක් එහිම වාසය කර, ගෙන්දගන් පොළොවට පය ගසා අවුරුද්දක් ගෙවුණු තැන ලියමි.

ගසක් පොළොවට මුල් අදන්නාක් මෙන්, මිනිස්සු ද තමන් ජාතක වුණු පොළොවට මුල් අදී. එහෙත් ඒ මුල් දුවන්නේ පස් තුළට නොව, තමන් අවට සිටින අනික් මිනිසුන් තුළටමය. තමන්ගේ නෑදෑ හිත මිතුරන් සමග ගැටෙන විට ඒ මුල් තව තවත් ඔවුන් තුළට කිඳාබසී.

එසේ විසි වසක් ඇදි මුල්, ගලවාගෙන ගොස් මම ගෙන්දගම් පොළොවට ගඩො බටුයෙමි. එහිත් මිනිසුන් සිටියද, හිතුම් පැතුම්, ගති පැවතුම් සහ තවත් බොහෝ දෑ වෙනස් ය. වෙනස් යනු නරකයි නොවේ. හොඳ නරක දෙකමය. යම් අතකින් හොඳ වන විටන් වෙනත් අතකින් නරකය. හොඳ නරකද සාපේක්ෂය. සාපේක්ෂ වන්නේ වෙන කිසිවකට නොව, මට සහ මම දකින ආකාරයට ය.

ඒ කෙසේ වුවද එම පොළොවටත් මුල් විහිදුවීමි. නමුත් සැලකිය යුතු කරුණක් වන්නේ, එම පොළොව සීයට සියයක් ගෙන්දගම් පොළොව නොවන බවයි. මක් නිසාද යත්, එය විශ්ව විද්යලයීය පොළොවක් වීමයි. එනිසා මා වැනිම තවත් සගයන් සිටීම සිතට සැනසුමක් විය.

ඒ කෙසේ වෙතුදු සැලකිය යුතු තවත් කරුණක් ඇත. එනම් මම උපන් පොළොවෙන් මුල් ගලවාගෙන ගිය බවයි. ශේෂව ඇති මුල් කිහිපයත් දැන් දුර්වලව ඇති බව හැඟෙයි. පෙර සිටි හිත මිතුරන් සමග දැන් කතා බහක්, හමු වීමක් නැත. අහම්බෙන් හෝ එකෙකුට මතක් වී කෙටි පණිවිඩයක් එවන්නේ; ‘උඹල දැන් ලොකු ද..? අපිව අමතක ද..?’ යයි නොකිය කියවෙන ලෙසය. නිවාඩුවට නිවසට එන විටද පාරේ හමුවන ගම්මුන්ගේ සිනහව ආගන්තුකය. නිවසට පැමිණ මූණ සෝදා පිහගන්නට හදන විට වෙනද වනන තැන තුවය නැත. පසු දා දත්මදින්නට ගිය විට දත් බුරුසුව නැත.

එය කාගෙවත් වරදක් යයි නොකියමි. හුදෙක් ලෝක ස්වාභාවය ය. ඔවුන් දකින දෙය සරණාගත අපි නොදකිමු. විශ්ව විද්‍යාලගතව, හුදෙක් ඉන්ජෙක් තැනින් ඔබ්බට යන්නට වෙර දරන අප (මම වැන්නවුන් ) සිරවී සිටින වැඩ කඳු යාය ඔවූහූ නොදකිති.

අන්‍යෝන්‍ය වටහගනීමක්, තේරුම් කරදීමක් කළ යුතුව ඇත. නමුත් කොතැනින් පටන් ගෙන කෙසේ කරන්න දැයි අදහසක් නැත….

(මාතෘකාව සඳහා සංකල්පය, මැන්ඩෙලා චරිතාපදානයක් සඳහා මට නම මතක නැති රචකයෙක් ලියූ පෙරවදනින් සොරකම් කළෙමි.)

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s