ලාලසාව

iu-e-magazine-passion-direction-desires-success-age-imagination-chances-dreams-mindsets-excellence-forbes-fortune

මහ ලොකු බලාපොරොත්තු නැතිව, සරලවම තමන් ලාලසයෙන් මුසපත් කරවන යමක් කරමින් දිවි ගෙවීමට ඇත්නම් මැනවි යැ යි තරයේම සිතෙමින් පවතින්නේ කුමන හේතුවක් නිසාදැ යි පැහැදිලි නැත.

අතිශය විසම සමාජ පැතිකඩක් ඇසුරට වැටී ඇති නිසාත්, මා තුල ලාලසයක් ජනිත නොකරවන විෂයන් කිහිපයක් තුළ මගේ බඩ පිණුම් බලාපොරොත්තුවන පිරිසක් ප්‍රේක්ෂකාගාරයේ සිටින නිසාත්, සත්‍යවම මා තුළ ලාලසය ඇති කරවන විෂය පථයක් මට හමුවී ඇති නිසාත්, මට එසේ සිතේ ය යැයි හිත හදාගැනීමට සිදුව ඇත.

කෙසේ හෝ වේවා මට නම මතක නැති දෙවියකු පවා දෙවිකම පසෙක තබා කරුමය ගෙවෙන්නට ඇතෙකු වී බට කැලයක බට දඬු කමින් ජීවත් වූවාක් මෙන්, මමත් මාගේ ලාලසාවන් පසෙකලා ආර්ථිකවාදී කෝණයෙන් බැලූ කල ඉතාමත් පැහැපත්, එහෙත් ජීවිත කෝණයෙන් බැලූ කල යදමින් බැඳි අනාගතයකට උරුමකම් කියන්නට යන බව සයවැනි ඉන්ද්‍රියට දැන් දැන් පසක් වන්නේ හදවතට සියුම් වේදනාවක් දනවමිනි…

(Image is from web.)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s