ජෛව විවිධත්වය

DSC_0399.jpgDSC_0413.jpg

මා දකිනාකාරයට ලාංකික මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ ජීවිතයේ නිදහස්ම, ජවය වැඩිම කාල පරාසය වන්නේ උසස් පෙළ අහවර කර සරණ බන්ධනයට සිරවන තෙක් කාල පරාසය ය. මමත්, මගෙ මිත්‍ර ප්‍රජාවත් එම කාල පරාසය ගත කරන නිසාදෝ මහුණු පොතට පිවිසෙන මට වැඩිපුරම දකින්නට ලැබෙන පින්තූර කාණ්ඩයක් නම්, මිතුරු පිරිස් සංචාරයේ ගොස් පැමිණ පළ කරන පින්තූර ය. ඒ අතරින් බොහෝමයක් ‘සෙල්ෆි’ වන අතර සුළුතරයක් ඒ ඒ සංචාරිත ස්ථාන හා එහි තිබුණු වි⁣ශේෂ ⁣දෑත්, ස්වාභාවික පරිසරයත් වේ.

මෙහි ස්වභාවික පරිසරය කාණ්ඩය යටතේ වැඩිපුරම හමුවන්නෙ සරලවම ඇසට ප්‍රිය නිසා කැමරාවේ සටහන් කරගත් දර්ෂණත්, අලි කොටි වලසුන් වැනි දුටු පමණින් සිතට වදින සත්ව වර්ගත් ය.

ඒ නිරීක්ෂණ තුළින් ඍජුව නොවුනත්, වක්‍රාකාරව ගම්‍ය වන්නේ පරිසරය හා එහි ඇති විවිධත්වයේ සුන්දර බව පිළිබඳව අපගේ ඇති නොදැනුවත් භාවය සහ අනවධානය බව මගේ හැඟීමයි. මක්නිසා ද යත් ඇස ගැටුණු පමණින් ප්‍රිය නොවුනත් සර්පයින්, කෘමීන්, බත්කූරන් සහ සලබයින් මෙන්ම නෙතුපිය සමනලුන්ගේ ද විශාල විවිධත්වයක් ඇති බැවිනි.

උක්ත කරුණු ගෙනහැර පෑමෙන් හුවා දැකිවිය යුතුව ඇති කරුණ වන්නේ, ලංකාව වැනි ජෛව විවිධත්වයෙන් අනූන රටක ජීවත්වන අපට, එම ජෛව විවිධත්වය දැකීමට නම් අවශ්‍යය වන්නේ දහස් ගණන් වියදම් කරගෙන දුර ඈත ප්‍රදේශවලට සංචාරයේ යෑම නොව, උදයේම අවදිව මිදුලට බැස හොඳින් වට පිට බැලීම විය හැකි බව ය.

(The photos above are clicked at the KDN reserves by me in Dec 2016. NikonD32oo .)
Advertisements

2 thoughts on “ජෛව විවිධත්වය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s