– අන්තර්(ජං)ජාලය හරහා ඇතිවන සමාජ(ජං)ජාල –

social-network-links.jpg

ෆේස්බුක්, ට්විටර්, ඉනසටග්‍රම්, ටම්බ්ලර්, පින්ටරස්ට්හෝ වෙනත් සමාජ ජාලයක ගිණුමක් නැති අයෙක් අද සමාජයෙන් සොයාගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයාගන්නවා හා සමාන දෙයකි.

එසේ සෑම අයෙකුටම පාහේ ගිණුම් තිබුණ ද ඒ ඒ සමාජ ජාලය නිර්මිතව ඇත්තේ කුමක් අරභයා ද එම සමාජ ජාලය භාවිත කළ යුත්තෙ කෙලෙස ද ආදී කරුණු පිළිබඳව අදාල පරිශීලකයන්ගෙ දැනුම මට්ටමෙහි ගැටළුකාරී බවක් ඇති බව එම සමාජ ජාල තුළ කලින් කලට සිදුවන සිද්ධි හරහා පෙනී යයි.

නමුත් මෙය ජංජාලයක් තරමට ඔඩුදුවන්නේ පරිශීලකයන්ගේ දැනුම ම නොව, බුද්ධි මට්ම්වල හා විනය මට්ටම්වල වෙනස නිසා බව පිළිගතහැකි කරුණකැයි සිතෙයි. මෑත ඉතිහාසයේ සමාජ ජාල තුළ ලාංකික ජන මතය දෝලනය වූ මැතිවරණ, SAITM ආදී මාතෘකා වලදී එක් එක් පාර්ශව වලින් මතුවූ කරුණුත්, ඒ කරුණු පල කිරීමටත්, කරුණුවලට විර්ද්ධ වීමට භාවිතා කළ වාග් විලාශයනුත් දෙස විවෘත මනසකින් බලන අයෙකුට බුද්ධි හා දුනුමේ හීන බවත්, අවිනයවත් බවත් මොනවට පසක් විය යුතු ය.

ඒ අතරම මේ ‘අන්තර්ජාල වලි’ වල මුවගට සිනහවක් ගෙනෙන තවත් පැතිකඩක් වන්නේ ජීවිතේට හමුවී නැති තවත් පරිශීලකයෙක් සමග වාග් සටනට ගොස්, ඔහුගේ හෝ ඇයගේ මතය වෙනස් කිරීමට තැත් කිරීමයි. එමතු, තමන් දන්නා හඳුනන කෙනෙක් සමග වුව ඇසට ඇස දී කියාගත නො⁣හැකි ගැටළු හා මතිමතාන්තර සමාජ ජාල හරහා  නිරාකරණය කරගැනීමට යාම, සමාජ ජාල මානව සම්බන්ධතා කොතරම් ජංජාලයක් කර ඇතිදැ යි යන්නට හොඳම උදාහරණයකි.

තාක්ෂණ යුගයට පෙර ඉපිද, තාක්ෂණය යුගයට පා තබා, අපේ පරපුර මෙසේ නැසෙනවා නම්, තාක්ෂණ යුගයේම ඉපිද වැඩෙන මතු පරපුර පිළිබඳව හිතට ඇති වන්නේ සියුම් කනගාටුවකි.

(Image is from web.)
Advertisements

2 thoughts on “– අන්තර්(ජං)ජාලය හරහා ඇතිවන සමාජ(ජං)ජාල –

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s