– බස මැරීම –

සිංහලය යනු, ශ්‍රී ලාංකික දේශීය භාෂා මූලයන් ඉන්දීය භාෂා කිහිපයකින් පෝෂණය වී නිර්මාණය වුණු අලංකාර භාෂාවක් බව සිංහල මව් බස වන මාගේ විශ්වාසය යි.
නොමළ බසක් නිසාත්, බහුතරය බෞද්ධයන් විසින් වහරණ නිසාත් සිංහලය එලෙස පෝෂණය වන්නට ඇතැයි මට සිතෙයි. එනිසාම ඉදිරියටත් අලුත් වචන, වාක්‍යය රටා, භාෂා වියරණ ආදී අංග එකතුව එය කාලානුරූපීව වෙනස්වේ යැයි සිතිය හැකිය.

එහෙත් එම වෙනස මගින් තීරණය වන්නේ භාෂාවේ උන්නතිය ද අවනතිය ද යන්න සිංහලය මව් බස ලෙස වහරණ අපගේ යුතුකමක් වේ.

ලං.ග.ම ටකරං බසයක කවුළුවකින් එළිය බලාගෙන සිටි මට ඉහත සිතුවිලි පහළ කරවූයේ ‘ඇතැඹුල’ යයි සඳහන් වූ නාම පුවරුවක් දැකීමෙනි. සාක්ෂරතාව කෙතරම්දැයි නොදත් කඩ හිමියා තම නාම පුවරුව එලෙස ප්‍රදර්ශනය කරද්දී, සාක්ෂරතාව ඇති පාර්ශව වල යනු කැලය බව නොදැන ‘වල් අලියා’ වන අලියා ලෙස නාමකරණය කිරීමත්, පසු ගිය දිනෙක මම ද සහභාගී වූ රැස්වීමක දී අදාල සංගමයේ ව්‍යවස්ථාවේ ‘දැනුවත්’ යන්න ‘දැනුම්වත්’ ලෙස සඳහන් වීමත් මුවගට සිනහවකුත්, සිතට සියුම් දුකකුත් දැනවූ අවස්ථාවන් විය.

විද්‍යුත් මාධ්‍යයත්, සමාජ ජාලවල ‘page’ හරහාත් බස මැරීමේ අවස්ථාවලට උදාහරණ තව බොහෝ ය.

කන බත් පත පවා පිටරටකින් ගෙන්වා අතීත ශ්‍රී විභූතිය පෙරට දමා ආඩම්බරකාර ජාතියකැයි පාරම්බාන අපට, අපේම කියා භාෂාවක්වත් අනාගත පරපුරට දායාද කිරීමට නොහැකි වේවි ද..?

(Image is from google.)
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s