෴ සොරබොර වැව ෴

නම කිව් පමණින් බුලතා යෝධයා තනියෙන්ම හදපු, බිසෝකොටුවක් වෙනුවට ගලක කපපු සොරොව්වක් තියෙන මහියංගනේ කිට්ටුව තියන වැවක් බව හැම කෙනෙකම පාහේ දන්නව මයෙ හිතේ… බුලතා යෝධයා තනියෙම ඕක බැඳපු හැටියි, බිසෝ කොටුවක් කියන්නෙ මොකක් ද කියලාවත් නොදැන ගල් සොරොව්වක අගේ … Continue reading ෴ සොරබොර වැව ෴

෴ රෝදය ආ මග ෴

මේ දවස්වල ප්‍රාග් ඉතිහාසය ගැන ටිකක් කියවන්න යෙදුණු හංදා පොඩි කතන්දරයක් මතක් වුණා. මුල්ම කාලෙ මිනිස්සුන්ට දෙයක් එහෙට්ට මෙහෙට්ට කරන්න ඕන වුණොත් ලේසිම විදිය වුණේ තල්ලු කරගෙන හරි ඇදගෙන හරි යන එක. ඒක ඉතිං දැන් වුණත් අපේ පළවෙනි ඔප්ෂන් එකනෙ. … Continue reading ෴ රෝදය ආ මග ෴

෴ යෝධ ඇළ සහ හැතැම්මට අඟල ෴

මගෙ දැනුම ප්‍රමාණයෙන් ලිවූ නිසා අඩුපාඩු තිබිය හැකි බව දන්වන අතර, විශේෂ ලැහැස්ති වීමකින් තොරව ලිවූ නිසා ප්‍රමාණික අඩුපාඩු නොසළකා හැර සංකල්පය ග්‍රහණය කරගන්නා ලෙසත් ඉල්ලමි. මෙම ලිපිය තේරුම් ගැනීමට අවශ්‍යය මූලික දැනුම පහත දක්වා ඇති අතර මෙම ලිපිය කියවීමට … Continue reading ෴ යෝධ ඇළ සහ හැතැම්මට අඟල ෴

Erosion and sedimentation | ඛාදනය සහ අවසාදනය

[වෙනත් ලිපියක් හා සබැඳිව යෙදීම පිණිසයි…] මහ වැස්සකට උඩහින් පස් හොදාගෙන ඇවිත් පහළ තැන්වල තැන්පත් වෙන බව අපි හැමෝම දන්න දෙයක්… ඒත් මේ කතා කරන්න හදන්නෙ ඇළ මාර්ගයකට අදාළව මේ දෙකේ සංකීර්ණ සම්බන්ධතාව ගැන. හොඳ විමසිල්ලෙන් පරිසරය දිහා බලලා තියනවානම් … Continue reading Erosion and sedimentation | ඛාදනය සහ අවසාදනය

Trans Basin Canals | අන්තර් ද්‍රෝණි ඇළ මාර්ග

[වෙනත් ලිපියක් හා සැබැඳිව යෙදීම පිණිසයි…] ද්‍රෝණියක් කියන්නෙ මොකක් ද කියන එක කලින් කිව්වා මේ පෝස්ට් එකේ. ඒක කියවලා ආවා නම්, නම දුටු පමණින් අන්තර් ද්‍රෝණි ඇළක් කියන්නෙ මොකක් ද කියලා දැනෙනවා. ඒත් එහෙව් ඇළවල් ගැන කියන්ඩෝන කරුණු කීපයක් තියනවා. … Continue reading Trans Basin Canals | අන්තර් ද්‍රෝණි ඇළ මාර්ග

Slope of a canal |ඇළ මාර්ගයක බෑවුම

[වෙනත් ලිපියක් හා සබැඳිව යෙදීම පිණිසයි] මේ කතා කරන්නෙ ඇළ මාර්ගයක දික් අතට තියන පල්ලම මිසක්ක පැති බෑවුම ගැන නොවන බව මුලින් හිතට ගන්න ඕන. මේක ඇත්තටම සෑහෙන බරපතල මට්ටමේ මැත්ස් සහ ඉංජිනියරිං ඇප්ලයි වෙන කතාවක්. පුළුවන් උපරිමයෙන් සරලව කියන්න බලන්නම්. ඇළක බෑවුම නීර්ණය කරන්න කලින් අපිට සිද්ධ වෙනවා ඒකට අදාළ සීමා (constraints) දාගන්න. පළවෙනියටම එනවා ආරම්භක සහ අවසාන ලක්ෂ දෙක අතර සිරස් උස. බෑවුම ඇළේ දිගෙන් වැඩි කරාම (tan අගය) මේ උසට වඩා වැඩි වෙන්න බෑ. බේසිකලි ගෙදර ඉඳන් කපන කාණුව ගිහින් පාරෙ කාණුවට වඩා යට මට්ටමක ඉවර වුණොත් කෙළ වෙනවනෙ. ඉතිං ඔය සිරස් උස ඇළේ දිගින් බෙදුවම එන … Continue reading Slope of a canal |ඇළ මාර්ගයක බෑවුම

Transmission Canals | සම්ප්‍රේෂණ ඇළ මාර්ග

[වෙනත් ලිපියක් හා සබැඳිව යෙදීම පිණිසයි…] නම කිව් පමණින් මේ මොකක් ද කියලා තේරෙනවා මම හිතන්නෙ. සරලවම එක තැනක ඉඳන් තව තැනකට වතුර අරන් යන ඇළක්. හරියට 33kV ලයින් එකක් වගේ… ගෙවල්වලට බෙදන්නෑ… දුරකට අරගෙන යනවා දුරදි බෙදන්න. ඕකෙ අනික … Continue reading Transmission Canals | සම්ප්‍රේෂණ ඇළ මාර්ග